Saturday, September 15, 2012

.
පෙම්වත..,
ප්‍රවේසම් කර තියාගමු
ලියන්නට බැරිවුන
සියලු පෙම් ලිපි
අපට.

අප නැවත හමුවෙනු ඇත
ඉස්පිරිතාල පෝලිම්වල
සුදු කෙස් කළු කරන සැලුන්වල
මොන්ටිසෝරි ඇරෙන වෙලාවල්වල
නිතර .

කාලය තිබෙනු නිසැකය
රහස් අකුරින් ලියූ
ඒ සියලු පෙම් ලිපි
දෙතුන් වර කියවන්න
එවිට.

1 comment:

  1. ඇයි පැන්සොන් ගන්න ගියාම ...උදේ පාන්දර ඇවිදින්න යනකොට

    ලියනවා දැකපු ත්‍රී වීලර් වැකියක්
    සම්බුදු සරණයි ..එන්ජිම පරණයි

    ReplyDelete