Wednesday, January 12, 2011

ආදරේ මේ තරම්
ගැඹුරු බව දැනුණිනම්
ආදරේ නොකරන්ට තිබුණා.

ජීවිතේ මේ තරම්
විසල් බව පෙනුණිනම්
ජීවිතෙන් සමුගන්ට තිබුණා.

සිනාවේ ඔය හැටිම
හිස් බවක් දැනුණිනම්
කඳුළු හෙළමින් ඉන්ට තිබුණා.

ආයෙමත් අප දෙදෙන
හමුවෙතැයි සිතුණිනම්
අතීතෙම නවතින්ට තිබුණා!

3 comments:

  1. සරළව ලියපා තියෙනවා.... ස්සනයි...

    ජය වේවා...!!

    ReplyDelete
  2. ඔබේ සිත මේ වගේ
    වෙනස් වෙයි සිතුනි නම්
    ආදරේ නොකරන්න තිබුනා.
    ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete