මං තවම ඉන්නවා
පාළු ගුරු පාරවල
නොගැඹුරු දිය කඩිතිවල
නමක් නැති කඳුවල
නිමක් නැති දෙනිවල
අග මුලක් නැති පොත්වල
තේරුමක් නැති ගීවල
කාලය රවට රවටා
මං තවම ඉන්නවා.
එකම එක මොහොතක්
ආපහු හැරෙන තුරු ඔබ
මං බලා ඉන්නවා.
හඳුනන එකම බැල්මක්
ම'දෙස හෙළනා තුරු
ශෝකයෙන් ඉන්නවා!
ලස්සනයි......!!
ReplyDeletethank u soro!
ReplyDelete"මම" ඉන්නව වෙනුවට නැති වුණානම් හරි. එහෙමනම් බලා ඉන්න කවුරුත් නැතිවෙයි. හැමදේකටම තේරුමකුත් තියෙයි.
ReplyDeleteමම නැතිකර ගන්න පුළුවනි නම් කොච්චර හොඳද?
ReplyDelete