Saturday, January 15, 2011

මං තවම ඉන්නවා
පාළු ගුරු පාරවල
නොගැඹුරු දිය කඩිතිවල
නමක් නැති කඳුවල
නිමක් නැති දෙනිවල
අග මුලක් නැති පොත්වල
තේරුමක් නැති ගීවල
කාලය රවට රවටා
මං තවම ඉන්නවා.
එකම එක මොහොතක්
ආපහු හැරෙන තුරු ඔබ
මං බලා ඉන්නවා.
හඳුනන එකම බැල්මක්
ම'දෙස හෙළනා තුරු
ශෝකයෙන් ඉන්නවා!

4 comments:

  1. "මම" ඉන්නව වෙනුවට නැති වුණානම් හරි. එහෙමනම් බලා ඉන්න කවුරුත් නැතිවෙයි. හැමදේකටම තේරුමකුත් තියෙයි.

    ReplyDelete
  2. මම නැතිකර ගන්න පුළුවනි නම් කොච්චර හොඳද?

    ReplyDelete