මා ප්‍රියය......!
වෙහෙසය මට
ඔබට මෙන්ම.
තව දුර යනු නොහැක.
ගිලිහුනේ කෙලෙසකද
කොයි ලෙසද නොදනිමි
පැමිණි මග අප දෑත බැඳගෙන .
මල්පෙති සිපගෙන
කවි කියූ යුගය අවසන්ය
කටු ඇනී රිදුම් දෙයි දෙතොලම.
යා යුතුය තවත් දුර.
හමුවේද නොවේවිද නොදැනම.
රැයවල්ද දහවල්ද පසුකර.
හාදුවක් තියා යමි
කවුළුවේ වීදුරුව මතුපිට
දෙතොල රඳවනු පිණිස
එතැනම !
කෝ මෙකේ මාතෘකාව ?
ReplyDeleteවෙහෙසය මට!
ReplyDeleteසීතලය වීදුරුව
ReplyDeleteකෙසේ තවරම්ද දෙතොල