Saturday, January 23, 2016

රිදුම් අකැපය.!!!

.


"ඔයා ආපහු ආව බව මම දැනගත්තා.
හිටි ගමන් පොළොව හෙලවුනා හයියෙන්."

අතර මග අතැර 
බිඳී වෙන්වුන පසුද 
ප්‍රේමයෙන් පෙළෙන වග 
සඟවා හිඳින් සබඳ.

කියන්නට දේ ඇත 
අසන්නට කාරණා එමටය 
එනමුදු නිහඬ වෙමි 
කැළැල් මිස රිදුම් අකැපය.

හිටිගමන් නැවතී 
තදින් සුසුමක් හෙලමි 
දිරිගෙන නොවැළපී 
නියම වූ ගමනම යමී.

වැසි වසියි මල් පිපෙයි 
රාත්‍රිය සෙමෙන් එළඹෙයි 
මියැදුණු තාරුකාවක 
කඳුලක් ඇස් අගින් ගිළිහෙයි .

20 comments:

  1. අපූරුයි කවිය.. හැමදාම වගෙම...

    ReplyDelete
  2. ඉතාම අපුරුයි සින්ඩරෙල්ලා,

    ReplyDelete
  3. පොඩිකාලේ බස් වලට ඩ්‍රයිවර් මහත්තයා නැග්ග බව දන ගන්නෙත් ඔහොම බරට අඩිය තියලා බස් එකට නගින සද්දෙන්.. කවියට අදාල නැති උනත් මතක් උනා..

    ReplyDelete
  4. ස්තූතියි මහේෂ්,රස්තියාදු සහ කල්‍යාණ .

    ReplyDelete
  5. ආදරයට ජීවිතය පරාදවෙනවද? ජීවිතයට ආදරය පරාදවෙනවද?

    ReplyDelete
    Replies
    1. අන්තිමට හැමදේම පරාද වෙනවා.

      Delete
  6. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  7. ලස්සනයි..............

    ReplyDelete
  8. මම කවිය කියෙව්වේ අන්තිම පේලියේ ඉදලා.. බලන්නකෝ කියවලා..

    ReplyDelete
    Replies
    1. අග ඉඳන් මුලටත් නියමයි.

      Delete
  9. අතර මග අත ඇරුණු පසු
    වරින් වර කියන්නට, අසන්නට
    තිබුණු දෑ අපමණය
    නමුත්
    ආපසු හැරෙන්නට සිතක් නැත..
    සිදුවන්නටම තිබෙන් නැති
    කියා සිත හදා ගමි

    ReplyDelete
  10. හිත රිදෙන තැන,
    ඔව් එතැන තමයි..
    තව ටිකක් පල්ලෙහායින්..
    නෑ නෑ මැදට වෙන්න
    නෑ නෑ තව උඩට වෙන්න..
    අන්න හරි එතැන තමයි
    උඹ ඉන්න තැන..

    - රම්.

    ReplyDelete
  11. හිත රිදෙන තැන,
    ඔව් එතැන තමයි..
    තව ටිකක් පල්ලෙහායින්..
    නෑ නෑ මැදට වෙන්න
    නෑ නෑ තව උඩට වෙන්න..
    අන්න හරි එතැන තමයි
    උඹ ඉන්න තැන..

    - රම්.

    ReplyDelete
  12. මේ කවිය...උඩ ඉදන් යටටත් යට ඉදන් උඩටත් මරු <3

    ReplyDelete
  13. මමත් කියෙව්වා "උඩ ඉඳන් යටට" "යට ඉඳන් උඩට". හැම කවියක් වගේම ලස්සනයි මේ කවියත්.

    ReplyDelete
  14. හිටිගමන් නැවතී
    තදින් සුසුමක් හෙලමි
    දිරිගෙන නොවැළපී
    නියම වූ ගමනම යමී.

    ReplyDelete
  15. කියන්නට දේ ඇත
    අසන්නට කාරණා එමටය
    එනමුදු නිහඬ වෙමි
    කැළැල් මිස රිදුම් අකැපය

    ReplyDelete
  16. සීතල සුසුම්..!!

    ReplyDelete