.
"ඔයා ආපහු ආව බව මම දැනගත්තා.
හිටි ගමන් පොළොව හෙලවුනා හයියෙන්."
අතර මග අතැර
බිඳී වෙන්වුන පසුද
ප්‍රේමයෙන් පෙළෙන වග
සඟවා හිඳින් සබඳ.
කියන්නට දේ ඇත
අසන්නට කාරණා එමටය
එනමුදු නිහඬ වෙමි
කැළැල් මිස රිදුම් අකැපය.
හිටිගමන් නැවතී
තදින් සුසුමක් හෙලමි
දිරිගෙන නොවැළපී
නියම වූ ගමනම යමී.
වැසි වසියි මල් පිපෙයි
රාත්‍රිය සෙමෙන් එළඹෙයි
මියැදුණු තාරුකාවක
කඳුලක් ඇස් අගින් ගිළිහෙයි .
අපූරුයි කවිය.. හැමදාම වගෙම...
ReplyDeleteඉතාම අපුරුයි සින්ඩරෙල්ලා,
ReplyDeleteපොඩිකාලේ බස් වලට ඩ්‍රයිවර් මහත්තයා නැග්ග බව දන ගන්නෙත් ඔහොම බරට අඩිය තියලා බස් එකට නගින සද්දෙන්.. කවියට අදාල නැති උනත් මතක් උනා..
ReplyDeleteස්තූතියි මහේෂ්,රස්තියාදු සහ කල්‍යාණ .
ReplyDeleteආදරයට ජීවිතය පරාදවෙනවද? ජීවිතයට ආදරය පරාදවෙනවද?
ReplyDeleteඅන්තිමට හැමදේම පරාද වෙනවා.
Deleteඇත්තටම ලස්සනයි.
ReplyDeleteතුති දිනේශ් .
Deleteලස්සනයි..............
ReplyDeleteමම කවිය කියෙව්වේ අන්තිම පේලියේ ඉදලා.. බලන්නකෝ කියවලා..
ReplyDeleteඅග ඉඳන් මුලටත් නියමයි.
Deleteඅතර මග අත ඇරුණු පසු
ReplyDeleteවරින් වර කියන්නට, අසන්නට
තිබුණු දෑ අපමණය
නමුත්
ආපසු හැරෙන්නට සිතක් නැත..
සිදුවන්නටම තිබෙන් නැති
කියා සිත හදා ගමි
ලස්සනයි...
ReplyDeleteහිත රිදෙන තැන,
ReplyDeleteඔව් එතැන තමයි..
තව ටිකක් පල්ලෙහායින්..
නෑ නෑ මැදට වෙන්න
නෑ නෑ තව උඩට වෙන්න..
අන්න හරි එතැන තමයි
උඹ ඉන්න තැන..
- රම්.
හිත රිදෙන තැන,
ReplyDeleteඔව් එතැන තමයි..
තව ටිකක් පල්ලෙහායින්..
නෑ නෑ මැදට වෙන්න
නෑ නෑ තව උඩට වෙන්න..
අන්න හරි එතැන තමයි
උඹ ඉන්න තැන..
- රම්.
මේ කවිය...උඩ ඉදන් යටටත් යට ඉදන් උඩටත් මරු <3
ReplyDeleteමමත් කියෙව්වා "උඩ ඉඳන් යටට" "යට ඉඳන් උඩට". හැම කවියක් වගේම ලස්සනයි මේ කවියත්.
ReplyDeleteහිටිගමන් නැවතී
ReplyDeleteතදින් සුසුමක් හෙලමි
දිරිගෙන නොවැළපී
නියම වූ ගමනම යමී.
කියන්නට දේ ඇත
ReplyDeleteඅසන්නට කාරණා එමටය
එනමුදු නිහඬ වෙමි
කැළැල් මිස රිදුම් අකැපය
සීතල සුසුම්..!!
ReplyDelete