Monday, August 31, 2015

අනුන්ගේ ඇඳුමක්!!!













.
බොහෝ දිනවල 
මහත් අපහසුවක් දැනේ. 
අනුන්ගේ ඇඳුමක් ඇඳ ඉන්නවා මෙන්
හිර ගතියක් දැනේ.

සමහර වෙලාවට
කකුල් හිරවෙනු දැනේ 
නොගැළපෙන පාවහන් පැළඳ ඉන්නවා මෙන් 
අපහසුවක් දැනේ.

නොහිතන වෙලාවක 
මහ අමුත්තක් දැනේ 
අනුන්ගේ වචන දොඩනවා මෙන් 
නුහුරු ගතියක් දැනේ.

නිතරම සිත යට 
ප්‍රශ්න මාලාවක් නැගේ 
මේ මාද අනුන්දැයි 
කොනහා බලන්නට සිතේ.

12 comments:

  1. මමය මාගේය යන මමත්වය දුරලන්නට හෙළන දාර්ශනික දෘෂ්ටියක් කවිය තුළ ඇතුළත් බව සිතේ. නමුත් එය හාත්පසින්ම වෙනස් විය හැකිය.....
    ලස්සනයි
    ජයවේ රසි!

    ReplyDelete
    Replies
    1. මේ මාද අනුන්දැයි 
      කොනහා බලන්නට සිතේ.
      වර්න මට හිතෙන්නේ මමත්වයෙන් ඈත් වෙන්න තවමත් උත්සහ දරන කෙනෙක් වගෙයි.

      කොහොම වුනත් ලස්සනයි සරලයි. අදහස ගැඹුරුයි.
      ජයවේ රසී.

      Delete
  2. ස්තුතියි රිවිනි,වර්ණ!

    ReplyDelete
  3. සමහර වෙලාවට නෙමෙයි, මටනම් හුඟක් වෙලාවට ඕක හිතෙනවා.. මේ මමද කියලා හිතලා ආයේ උත්තරයක් නැතුව හිතන එක පැත්තක දාලා ඉන්නවා..

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ මේ කියන්න යන්නෙ "මං වගේ වෙන කෙනෙක්" කවියෙ කීව අදහසමයි කියලා. මං වැරදිද මන්දා ඉතින්.

    ReplyDelete
  5. මේ කුලියට ඉන්න ශරීර කූඩුව අපේ නෙමෙයි නිසා වෙන්න ඇති.

    ReplyDelete
  6. //අනුන්ගේ ඇඳුමක් ඇඳ ඉන්නවා මෙන්
    හිර ගතියක් දැනේ.//
    //නොගැළපෙන පාවහන් පැළඳ ඉන්නවා මෙන්
    අපහසුවක් දැනේ//

    මටත් මේ දවස්වල මෙහෙමයි. මහත වැඩි වෙලානෙ, ඒකයි. :P :P

    ReplyDelete
  7. අර බැඳපු අයට වෙන වමනේ එහෙම යන හේතුවද දන්නෙ නැහැ. ඒක නම් සුභ පැතුම් කිව්ව.

    ReplyDelete
  8. රසි
    ඔය සෙම් ගතිය ... ඇඟ මහත් වෙනවා ... කකුල් ඉදිමෙනවා ... උගුර බැරැන්ඩි වෙනවා :))... ඒ වගේම සෙන් (zen ) ගතියටත් ඔහොම වෙනවා

    ReplyDelete
  9. අලුත්ම විදිහයට අලුත් අදහසක්
    ජයවේවා....!

    ReplyDelete
  10. පුදුම තරම් හිතට දැනෙන මේ කවි වලට මං නම් ඇබ්බැහි වෙලා

    ReplyDelete