Thursday, August 27, 2015

අගෝස්තුව මත අගෝස්තුව !!!






හැම අගෝස්තුවකම 
ග්‍රීෂ්ම ඉර අව්ව මැදින් විත් 
කවුළුව යටින් තබා යයි 
සුබ පැතුම් ලිපියක් ඔබ.

එවූ ලිපිනයක් නොමැතිව 
ලබන ලිපිනය සඳහන්ව 
දකුණට ඇලවූ අත් අකුරු 
දැන් මඳක් විරූපිය වියපත්ය.

කියන්නට කොතෙක් දේ වේද 
නොකියාම නිහඬ වෙමි. 
පෙර අගෝස්තුව ලිපිය මත 
මේ අගෝස්තුව අතුරමි.

ග්‍රීෂ්මය,වසන්තය,සිසිරය 
තව වරක් පසු කරමි 
ඊළඟ අගෝස්තුව තෙක් 
ළය හැඬුම් වළකමි.

පියවර හඬක් ඇසුනත් 
කවුළු දොර නොඅරිමි 
ඔබට රිසි අයුරින් 
ප්‍රේමයට ඉඩ දෙමි.

ආදරෙයි,ආදරෙනි 
බොඳවූ වදන් කියවමි. 
ආදරෙයි,ආදරෙනි 
සිහින් ස්වරයෙන් මුමුනමි .

9 comments:

  1. දවස් 365ක් හූල්ලන,, එක දවසක් වැලපෙන අකුරු

    ReplyDelete
  2. ග්‍රීස්මය වසන්තය සිසිරය
    හැමකක්ම එකවිට ගෙනෙන්නෙ
    ලිපිනයක් නොලූ
    අගෝස්තු ලිපිය...

    ලස්සනයි
    ජයවේවා!

    ReplyDelete
  3. හැම අගෝස්තුවෙම..... හම්..

    ReplyDelete
  4. පිළිතුරක් නොපතන
    පැනයක් පමණක් දෙන්නාවූ
    එහාටත් නැති මෙහාටත් නැති
    ප්‍රේමයක්ද?
    මෝහයක්ද?

    ReplyDelete
  5. දේශක,වර්ණ,නලීන් ,ඉයන් ස්තුතියි.

    ReplyDelete
  6. හ්ම් තවත් අෙගා්ස්තුවක් ෙගවිල ගියා ඒෙහනං

    ReplyDelete
  7. තවත් අවුරුද්දක් මග බලාන ඉමු......

    ReplyDelete
  8. අගෝස්තුව මගෙත් හිතට ඔහොම මතකයක් ගේන රිදවන මතකයක් තියෙන මාසයක්..

    ReplyDelete
  9. එකොලොස් මසක් දෙසිතක අතරමං වී
    එක් මසක් එක් සිතක වී අඩන මගේ සිත.....

    ReplyDelete