Sunday, January 18, 2015

ඉව කරමි.!!!



.
සාරියේ පොට හදන්නැයි 
බොරුවට කියමි.
සියුම් අතැඟිලි ස්පර්ශයෙන් 
මත්වෙමි.

රන්දම පළඳවන්නැයි 
සෙමෙන් අයදිමි .
හාදුවක් ලැබේදැයි 
කලබල වෙමි.

දවල්ට බත් 
චුට්ටක් වැඩියෙන් බෙදමි.
කෑම රසදැයි පණිවිඩ යවමි.

කිලිටි කමිස කලිසම් සෝදමි.
ගැහැණු සුවඳක් දැනේදැයි 
ඉව කරමි.






6 comments:

  1. අන්තිම ටිකේ කතාව ඔක්කම තියෙනව වගේ

    ReplyDelete
  2. මං ආසම කවියක් ඔයාගේ... ආයෙ බ්ලොග් ලියන්න ගත්තු එක හොඳයි. පහුගිය කාලෙ ලිවුව කවි තොගේම බ්ලොග් එකේ දාන්න හොඳේ...

    ReplyDelete
  3. ස්තුතියි දෙන්නටම!

    ReplyDelete
  4. හම්මෙ අති යන්තම් ආයෙම ලියන්න පටන් අරන්

    ReplyDelete
  5. හම්මෙ අති යන්තම් ආයෙම ලියන්න පටන් අරන්

    ReplyDelete
  6. හෙඩිමත් ලස්සනයි...!

    ReplyDelete