Sunday, November 23, 2014

උස් !!


කන්ද,
ගස් වලට වඩා
 උ
ස්.
කන්ද මුදුනෙ ගස්

න්
 ව
ඩා
 උ
ස්!

රිදී දැල්ලක්!!!



බොඳව ගිය තිතක්ව 
මහත් මීදුම තුළද 
සිරීපාදේ පහන් දැල්වෙනු පෙනෙයි.
ලං වෙන්න බැරි වුනත් 
සිත නිමෙයි..

කුටිය තුළ නිහඬවම 
ඔබ හිඳිනවිට පවා 
සියුම් සැනසීමකින් සිත පිරෙයි.
රිදී දැල්ලක් වගේ 
කවි මැවෙයි.

අදවත්!




...පුතා බලන්න අවසර දවස....

අදත් පුතා 
ආච්චිත් එක්ක එවාවිද 
නැත්නං 
එයාම ඒවිද??

හඳුනා ගත නොහැක!



.
කොළ අතු එල්ලා තිබූ 
කැළෑවක 
තරු කිණිති අතුරා තිබූ 
අහසක
ප්‍රදීපාගාරයක් හිමි 
මුහුදක 
අතිනත් ගෙන සිටියදීම 
මග හැරිය හැකිය අප.

අත්සන් කල කඩදහිද 
මනා ලෙස මුදු කල මුදු ද
කවිපොත් මත ලියූ පොරොන්දු ද 
නොවටනා වෙයි එවිට.

අහම්බෙන් මුණ ගැසුන විට 
හඳුනා ගත හැකි එකදු සලකුණක්වත් 
අපතර ඉතිරි වී නැති එක 
කොතරම් දුක් වඩන්නේද පෙම්වත .

සොඳුර මේ සිසිරයය .!!



.
සොඳුර මේ සිසිරයය .
තෙතබරිත රහස් ඇති තුරුලතා 
සෙමෙන් නිරුවත්වෙන. 
ගිණි උදුන් තුල පවා 
ගිණිදැල් තරමක් මෘදු වන.
තෙත දර ඉපල් වලින් 
දුමක් මිස ගිනිදැල් නොනගින.


සොඳුර,
ඉතින් ඉඩ ඇත 
තවත් එක සෘතුවක් 
දිය කෙළින්නට සැළිය තුළ
කටුක ගිම්හානය ඇවිත් 
ඉබේ ගිනි දල්වන්න පෙර.

ඉස්සී බලමි එක් වරක් !!


.
සියතින් ගෙල සිඳ ගන්න පෙර 
ඉස්සී බලමි එක් වරක් 
තවමත් හිඳීදැයි නුඹ 
කවි ලියන කුටිය තුළ.

සෙළවෙන පහනක එළියෙන් 
වඩා විශාලව පෙනේ ඔබ
හිස නමාගෙන සිටින අයුරින් 
සෙවනැල්ලක්ව බිතු මත .

ශේෂ වී ඇත තවමත් 
රහස් මතකයක උණුහුම 
ගිනි දැල් නිවී ගොස් 
කල්ප ගණනකට පසු වුව.

ඉස්සී බලමි එක් වරක් 
තවමත් හිඳීදැයි නුඹ
මා ලියූ කවි කියවමින් 
කවි ලියන කුටිය තුළ .

Thursday, November 06, 2014

එක් රැයක් තිබියදී !!




එක් දහස් රැයක් 
නෙක කවි අසා 
එක් රැයක් තිබියදී 
පිටව යමි.

වට තිර මසා 
බර අගුළු යොදා 
නාඳුණන කුටියක 
වහන් වෙමි.

දොරගුළු කඩා 
හමුවෙනු පතා 
ඔබ එනු ඇතැයි 
නොසිතමි.

නොලියූ කතා 
එකිනෙක ගොතා 
පොසිලයක් වෙනු පිණිස 
වළලමි .