Saturday, October 11, 2014

ස්තූතියි මයිකල්!!



.

ස්තූතියි මයිකල් 
එදා ඉඳන් අද වෙනකං 
ඉවසා සිටියාට මං .

රෙදි වැලට රෙදි දැම්මාට 
ගේ අතුගාන කොට 
බර පුටු උස්සා අයින් කලාට 
ඉඳහිට බුම්මන් හිටියාට 
ස්තුතියි මයිකල් 
මා දරා හිටියාට.

අහු නොවෙන බොරු කිව්වාට 
යාළුවන් සමග සාද දැම්මාට
රෑ වෙලා ගෙදර ඇවිදින් 
නොබීපු මිනිහ වගේ උන්නාට 
ස්තුතියි මයිකල් 
මෙතෙක් මා සමග රැඳුනාට.

හිතින් තැන තැන සැරුවාට 
කැමති තැන්වල රැඳුනාට 
කිසිදාක ඒ හෙළි නොකලාට 
මං දන්නවා මයිකල් 
හුඟක් පිරිමින්ට වැඩියෙන් 
ඔයා හොඳ බව හැමදාම.

10 comments:

  1. හුඟ දෙනෙකුට එහෙම හිතෙනවා ඇති නේද?

    ReplyDelete
  2. ඉඳහිට හිත කියෝලා බලන්න ඉවාන්!

    ReplyDelete
  3. හ්ම්...මොනවා කියන්නද රසි...

    සුපිරියි..

    ReplyDelete
  4. අපූරුයි අදත් ඈ....
    සෑහෙන දවසකින් බ්ලොගත් බැලුවෙ...
    ජයවේවා

    ReplyDelete
  5. පුදුම සිද්ධියක්...

    මෙහෙම එකක් මම ඩ්රාෆ්ට් කරගෙන ඉන්නවා.... ඒත් මේ තරම් මොලොක් විදියට නැති හින්ද, පොස්ට් නොකරපු එක ගැන බොහොම සතුටු වෙනවා. උපරිම ලස්සනයි. මේ වගේ දේවල් අරභයා ලියන්නේ කොතරම් අඩුවෙන්ද?

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම.ඉවාන්,විභීෂණ ,මහේෂ්,උපේක්ෂා!!

    ReplyDelete
  7. අනේ එහෙම හිතනවානම් හැමෝම

    ReplyDelete
  8. ෂා.....මම මේ කල්පනා කරේ මං ගැන වයිෆ් කියන එකක්ද කියලා. අපූරුයි!!!

    ReplyDelete
  9. නාඩියා නාඩිරත්න,arugeadaviya ,ස්තුතියි ඔබටත්!

    (තනියම කල්පනා කරමින් යකාගේ නම් තමයි මේවා.)

    ReplyDelete
  10. අහෝ මයිකල්

    ReplyDelete