Saturday, October 11, 2014

"ඔන්නොහෙ යන්න අරින්න."




"ඔන්නොහෙ යන්න අරින්න."


තරහ නෑ 
ආයෙ එන වග නොකීවට.
යාළුත් නෑ 
ආයෙ නොඑන වග නොකීවට.


නොලිව් ලියමනක් ඇත 
කොතරම් තනිදැයි පවසන.
නොලද ලියමනක් ඇත 
බොහෝ සතුටින්ය අඟවන.

අත් අත් පටලා නොසිටිය 
ඇස් ඇස් රහසින් නොදෙඩුව 
හිස් බස් තව තව කුමටද 
හුස්මක් සේ නික්මෙනු මැන.


"ඔන්නොහෙ යන්න අරින්න."

3 comments:

  1. ඔන්නොහෙ යන්න අරින්න.
    හැබැයි
    දොර පියන් අගුලු නොලා තියන්න.

    රස්තියාදුවක අවසන
    වැස්සක හීතල බේරෙන
    හිස් බැල්මක් වුව දැක්කම
    ගැස්සෙන්නට හැක හදවත

    කොන්දේසි විරහිතවම
    ආපහු ලැගුම් ගන්නත් පුලුවන

    ඒ නිසා
    දැනට ඔන්නොහෙ යන්න අරින්න

    හැබැයි
    දොර පියන් අඩවන්ව තියන්න.

    ;)

    ReplyDelete
  2. බස්සිට සුබ පැතුම්! හොඳම බ්ලොගයට.

    ReplyDelete