Thursday, February 21, 2013

.
දහයෙ පංතියෙ
සුදු බැලරිනා සපත්තුවක්
තදින් පොළොව සාරයි
එකොළහේ පංතියෙ
සුදු දිග කලිසමක් ළඟ.
"පස්සෙ කියන්නම්" කියයි
ඇහෙන නෑහෙන ගානට.

2 comments:

  1. සුළු මොහොතකට පසු ....

    සුදු කලිසම එක්වේ
    සුදු කලිසම් නඩයට
    පැතිරේ හූ හඬක්

    සුදු ගවුම දිවගොස්
    එක්වේ සුදු ගවුම් නඩයට
    පැතිරේ කිචි බිචියක්

    ReplyDelete
    Replies
    1. මම ආසම කවක් මෙය, ඔබ ලියු

      Delete