Sunday, September 23, 2018

ඇපල් අඩ!

.

පිරියක් නොමැති හැටි 
මිහිරි ගීයක් අහන්නට 
ප්‍රේමය සුසර කරවන 
වදනක් හෝ දොඩන්නට 

කාළ වර්ණ රකුසෙකු මෙනි 
ගැඹුරු නිහඬතාවය 
හුස්මක හඬ පවා 
තබා ඇත ඝනී භවනය කර.


අවේලාවේ වැසි වැටුණි 
ඔබ ඇවිත් ගිය අඩි ලකුණු සේදුනි
හර්දයේ පැල්මට පවා 
ගැඹුරු මැහුම් යෙදුනි.
දැන් ඉතින් සියල්ල යහපති 
පාපයේ සළකුණු මැකුනි .
එහෙත් පුන්‍යවන්තයෙනි 
ඇපල් අඩ සොයා මහද වැළපිණි .

5 comments:

  1. ලස්සනයි...

    එත් මොනාද ඇපල් අඩ කියන්නේ...???

    ReplyDelete
    Replies
    1. ආදම්ගේ ඒවා කාපු එකේ ඉතිරි කොටස.

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ගොඩක් තුති.ඔබගේ බ්ලොග් එකේ ලින්ක් එක එවන්න.

      Delete