Wednesday, August 31, 2016

ප්‍රියතම පෙම්වතී!!!




පිරිය යුතු තැන් පිරී ඇති 
තරත් නැති කෘෂත් නැති 
වම් පියොයුරක ඉහළින් 
සමනළයෙක් කොටා ඇති 
නාහෙට නාහන 
ඇට්ටර ගති ඇති 
ඇය තමයි මා දුටු 
ප්‍රියතම පෙම්වතී.

දණහිසට ඉහළින් 
මයික්‍රෝ සායවල් අඳින 
අත් නැති හැට්ට සහ 
විවිධ අබරණ පළඳින 
යන එන හැම තැනම 
පිරිමි සිහිනැති කරවන 
මාවත් නොදන්න හේතුවකට 
ඇය මගේ ප්‍රියතම.

කොයි වෙලේ බැලුවත් 
පිරිමි වටකර සිටින
සිනාසෙනකොට ඇය 
ඇස් දෙක හීනිවෙන 
සට පට පට ගගා 
එකට එක කියන 
මොන එකකටද මන්දා 
ඇයටම හිත යන.

තොල්වල නියවල 
රතුපාට තවරන 
නන්නාඳුනන අයටද 
ඇස් ගහන ඉඟි මරන
කුණුහරුපෙකට වුනත් 
හයියෙන් හිනාවෙන 
ඈ තමා නිදිගත් 
යක්ෂයා ඇහැරවන.

කවදාවත් මගෙන් 
බඳිමුදැයි නාසන 
මටනං කවදාවත් 
ළමයි ඕනි නෑ කියන 
අත් අරින්නම හිතුවත්
අල්ලා ගන්නම හිතෙන 
වයින් මොටද ගෑනුන්ට 
විස්කිත් දෙන්නැයි කියන

ඇය තමා මෙතෙක් හිටි 
ප්‍රියතම පෙම්වතිය.

10 comments: