සිනායන තැන්හිද
මහත් සේ දුක දැනෙන
ජය කනුව පෙනි පෙනී
පරාජිත සේ හැඟෙන
රෑ සිහිනයෙන් පවා
ඉකි බිඳුම් හඬ ඇසෙන
මේ නපුරු කාලයකි
වහා කළුවර වැටෙන .
සාගරය අගිස්සෙන්
වේලපහ හිරු බසින
සඳ එන්න ප්‍රථමයෙන්
තාරුකා ඇස් අරින
අළු පාට පසුබිමක
ගහ කොලද හති අරින
මේ නපුරු කාලයකි
මල් පවා ඉකි බිඳින.
පමා ඇයි පෙම්වත
නොපමාව මෙහි එන්න
පිපී ඇති සියලු මල්
අප වෙතට කැන්දන්න
දෙසැම්බරයට නැවත
නොඑන්නැයි පවසන්න
පොරෝනාවක් ලෙසින්
මා වසා පැතිරෙන්න.
දෙසැම්බරය නෑවිදින් කෝමද ?
ReplyDeleteහ්ම්, ඔව් මහ නපුරු කාලයක්.
ReplyDeleteලස්සනයි...........
ReplyDelete
ReplyDeleteසිසිර සුළඟකි හමන්නේ හිම කැරලි වඩාගෙන
කටකට ගගා ගැහෙයි වැසූ කවුළුවෙහි වීදුරු පියන් පත්,
විසිරි තුරුපත්ය මිහිදන් වෙන්නෙ සුදු පැහැ සුසානෙක
මිහිරි සැමරුම් වළලන්නෙක්ද සිසිරය?
මල් පියලි පාවඩ එලුවෙ එ'කල අපි ඇවිද ගිය අඩිපාරට,
බටිත්තන් වුව ඒ දවස්වල ගැයුවෙ පෙම් ගී විතරමය,
කුඩා කවි වැටුන තැන්වල - දළු දැම්මෙ නමක් නැති රතු මල්
ගැඹුරු විය පිය සටහන්
ඊට ගැඹුරුයි හාදු කැළලක සටහන්
"කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්"
සරත් සන්ධ්‍යාවක ඔබ ගැයුවෙ එහෙමය
"කල්ප ලක්ෂයක් ඔබ තුරුල්ලේ නිදිබරව ඉන්නම්"
ඉර සැඟව යන්නට පෙරාතුව ඔබ පිළිණ දුන්නෙය
පටපට ගගා පිපිරෙන්නෙ උඳුනෙහි කුඩා දර පතුරු
පිනි කැට පවා අහිමිය සිසිරයට - කඳුළු තහනම්ය
තනිකමක් ඝන ලොම් කබායක ඔතාගෙන
ගිනි පුපුරු මතුයෙහි - අතුරමි මිදුනු හදවත
- පරණ කවියක්, ආයෙම මතක් වුනා.
සුන්දරයි
ReplyDeleteදෙසැම්බර් ආවොත් විතරයි
ReplyDeleteලැබෙන්නේ අපට බෝනස්
නාවොත් දෙසැම්බර්
කෝ අපට බෝනස්.
පෙම්වතාගේ තාවකාලික වියෝගය පෙම්වතියට ගෙනෙන කනස්සල්ල කොතෙක්ද යත් ඇයට පරිසරය වුව දැනෙන්නේ නපුරක් ලෙසිනි...
ReplyDeleteසිත්ගන්නා පැදිපෙළක්
ජයවේ රසී!
ලස්සනයි
ReplyDelete