Saturday, January 24, 2015

හිත හදාගමු!!!



.

උසම කන්දක මුදුණට 

පෙනේ කුටියක් තැනිතලාවක. 

දුම් කවුළුවෙන් දුම් නැගෙනු දැක 

ඔබ හොඳින් යැයි හදාගමි හිත.




කළුම කළුවර රැයක 

එළියක් පෙනේනම් කඳු හිස 

ඒ මා අවදියෙන් 

ඔබට කවියක් ලියනු විය හැක. 


4 comments:

  1. මොනවද ඔය බලන් ඉන්නේ
    ඔහු අසාවි
    "අර ගෙදර අර කවුළුවෙන් අර දුම් "
    "ඉතින්?"
    ඒ පැණයට නැත පිළිතුරු

    මොනවද හිතන්නේ ඔය කන්ද දිහා බලාන
    ඇය අසාවී
    "අර ගෙදර අද ලයිට් දාලා නෑ "
    "ඉතින් ?"
    නැත පිළිතුරු ඒ පැනයට

    ReplyDelete
  2. පැහැදිලියි...සුපිරි යි...

    ReplyDelete
  3. කෝ ඉතිං පිළිතුරු???

    ReplyDelete
  4. අපි එහෙම හිතලා හිත හදා ගන්න වෙලාවල් කොච්චර නම් තියෙනවද..

    ReplyDelete