Sunday, January 18, 2015

බැල්කනි ටිකට් අඩ දෙකක්!!



....ආදරය...
දහදිය සුවඳ මුසු 
විලවුන් පුස්ඹක්.
තොල් සායම් මුද්‍රාවැති 
අත් ලේන්සුවක්.
අඩක් කාවුන් කෑ 
දින පොතක්.
මොනිටර් පොතක් තුළ 
බැල්කනි ටිකට් අඩ දෙකක්.


එපමණයි.

9 comments:

  1. ඉස්කෝලෙ කාලෙ කතාවක්
    ටියුසන් නොගොස් ප්‍රේම කල කතාවක්

    ReplyDelete
  2. පරණ පොත් අවුස්සද්දි හම්බුණ සුන්දර ම සුන්දර අතීතයක්.... හැබැයි අහිමි වුණ හෝ අහිමි කරගත් අතීතයක්...

    ReplyDelete
  3. පරණ කඩදාසි උරයක
    ඔතනලද ටොෆි කොළ ටිකක්....
    ලියවෙන්නේ නැති පෑනක්...

    එපමණක්ද?

    ReplyDelete
  4. පරණ සටහන් පොතක
    දුඹුරු පිටුවක
    නිසඳැසක
    දිගැටි කුරුමිණි අකුරු අතරේ
    මෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?
    මහන්සි නැද්ද ඇත්තට?

    හිර ඩෙනිම් සායක
    කෙලවරේ සාක්කුව පතුලක
    පැහැය වියැකුන බස් ටිකට් කොලයක
    මෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?
    මහන්සි නැද්ද ඇත්තට?

    පොත් මල්ල තුලම අමතක වුන
    තැනින් තැන පොඩිවුන
    ඉරුන කැන්ඩොස් කොලයක
    මෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?
    මහන්සි නැද්ද ඇත්තට?

    මටනම් මහන්සියි හරියට.
    හිතන තරමට ලේසි නෑ නෙව
    කඳුලු හංගන්
    හිනාවෙන එක

    :)

    ReplyDelete
  5. "චුක්" ගෑවුන ඉන්ටවල් එකක්
    හදිසියට කෑ අයිසිචොක් එකක්

    ReplyDelete
  6. වර්ථමානයේ නම් මෙහෙම තමයි..

    ReplyDelete
  7. එපමණක් විතරද ?

    ReplyDelete
  8. තියෙන කතන්දර ගොඩක්!!!!

    ReplyDelete