Thursday, March 17, 2011

ඉතින් ...,
අන්තිමට මොකද වුනේ?

අපි ඇවිදගෙන ගියා
ගොළුවෝ වගේ.
ඉර වැටුනා "ජබොක්" ගාලා
මුහුදට.
මම ඇඬුවා.
එයා ලේන්සුව දුන්නා.
මල් මහපු ලේන්සුවක්
මගේ නෙමෙයි.
හීනි සුවඳකුත් එක්ක.
මගේ නෙමෙයි.
ඉතිං...,
මට තේරුනා
එයත් මගේ නෙමෙයි!

2 comments:

  1. ඔව්, අපි කවුරුත් කාගෙවත් නෙවෙයි. ලස්සනයි අදහස.
    මැණික්

    ReplyDelete
  2. වෙන වචන නෑ මට ලස්සනයි......

    ReplyDelete