Tuesday, March 01, 2011

තරහ ගොස්
වවුලන්ට
පියරු සේදුන බැවින්
වැස්සට.

හිනා යයි
ගෙම්බන්ට
සාදයක් ඇති බැවින්
ළඟ ළඟම.

වැඩ වැඩියි
කුඹින්ට
ඔරු පාරු නැති හෙයින්
ගොඩවෙන්ට.

කම්මැලියි
කපුටන්ට
තෙමුණ ගහ කොළ අතර
නිදියන්ට!

1 comment:

  1. ගෙම්බන්ටවත් යහපතක් වෙන එක ලොකු දෙයක්නෙ.

    ReplyDelete