Saturday, February 26, 2011

හුදකලා බස්සෙක්
නිදි කිරයි සීරුවට
කොස් ගහේ කෙළවර

සුදු කමිස ඇඳගත්
දෙවිවරුන් පොත් බලති
වලාකුළු යහන් මත.

හදිසියේ අවදිව
වතුර ඉල්ලා හඬති
ගෙඹි ළමයි රොත්තම.

යුග ගණන් මතකය
නින්ද පලවා හැර
මා තවම අවදිව!

2 comments:

  1. බකුසු හඬ කොස් ගහේ
    දෙවිවරුත් වළාකුළේ
    ගෙඹි පැටවු හාමතේ
    මමත් නිදි නෑ මේ රැයේ...

    ලස්සනයි මේ කවි ටික... මාරම ලස්සනයි...
    මගේ කට වහගෙන ඉන්න බැරි වුනා මේක දැක්කම... :D

    ජය වේවා..!!

    ReplyDelete