Sunday, December 05, 2010

ලාවුලු ගහේ පොරකන
වවුලන් අදත් ඇවිදින්
ලාවට සුවඳ අරගෙන
මී මල් හිනාවෙයි දැන්
උර මත හිස හොවාගෙන
පීදෙන සඳට බණිමින්
එනවද ඉගිලෙන්න මා හා
නිදිබර කන්ද ඉහළින්!

2 comments:

  1. ලාවුලු ගහක් තියේද තාම?
    මම පොඩි කාලේ අපේ ගෙදර ඉස්සරහමත් එකක් තිබ්බා කහපාට ගෙඩි පිරුන.
    මී මල් කියන්නේ නම් අර හැලප හදන ඒවා නේද?
    ඔන්න මේ කවි කියවලා හැලප කන්න ආස හිතුනා මට.

    ReplyDelete
  2. ලාවුලු ගහක්...
    අපේ ගෙදර නම් නැහැ.ඒත් මාත් පොඩිකාලේ බලන්ගොඩ ඉන්නකොට අපේ ගෙදර එකක් තිබුනා.

    ReplyDelete