Saturday, October 11, 2014

ස්තූතියි මයිකල්!!



.

ස්තූතියි මයිකල් 
එදා ඉඳන් අද වෙනකං 
ඉවසා සිටියාට මං .

රෙදි වැලට රෙදි දැම්මාට 
ගේ අතුගාන කොට 
බර පුටු උස්සා අයින් කලාට 
ඉඳහිට බුම්මන් හිටියාට 
ස්තුතියි මයිකල් 
මා දරා හිටියාට.

අහු නොවෙන බොරු කිව්වාට 
යාළුවන් සමග සාද දැම්මාට
රෑ වෙලා ගෙදර ඇවිදින් 
නොබීපු මිනිහ වගේ උන්නාට 
ස්තුතියි මයිකල් 
මෙතෙක් මා සමග රැඳුනාට.

හිතින් තැන තැන සැරුවාට 
කැමති තැන්වල රැඳුනාට 
කිසිදාක ඒ හෙළි නොකලාට 
මං දන්නවා මයිකල් 
හුඟක් පිරිමින්ට වැඩියෙන් 
ඔයා හොඳ බව හැමදාම.

"ඔන්නොහෙ යන්න අරින්න."




"ඔන්නොහෙ යන්න අරින්න."


තරහ නෑ 
ආයෙ එන වග නොකීවට.
යාළුත් නෑ 
ආයෙ නොඑන වග නොකීවට.


නොලිව් ලියමනක් ඇත 
කොතරම් තනිදැයි පවසන.
නොලද ලියමනක් ඇත 
බොහෝ සතුටින්ය අඟවන.

අත් අත් පටලා නොසිටිය 
ඇස් ඇස් රහසින් නොදෙඩුව 
හිස් බස් තව තව කුමටද 
හුස්මක් සේ නික්මෙනු මැන.


"ඔන්නොහෙ යන්න අරින්න."