Thursday, May 23, 2013

..
පෙම්වත
ළඟදීම අපි
අපිටම කියා කන්දක් ගමු.
ඉකිගසන සුළං හා වැළපෙන්න
විලෝ ගස් පේලියක් හිටවමු.
හැකිනම් කන්ද මුදුනේ
සෙල්ලම් පොකුණකුත් මවමු.
තාරවුන් කීප දෙනෙකුට
සතුටින් පිහිනන ලෙස අණ දෙමු.
කන්‍යා දිය ඇලිද , අකම්පිත ගල් කුළුද
ගැළපෙන ලෙසට සකස්කරමු.
කියඹු වැල් කිතිකවන
මඳනල පවා නොදැනෙන
ගල් පිළිම දෙකක් වී
එකිනෙකා දෙස බලාගෙනම
අපි සදාකල් පසුවෙමු.
පෙම්වත ,
අපි අපිටම කියා කන්දක් ගමු.

4 comments:

  1. ශෝක්............ :) ඉංග්‍රිසි කවියක පරිවර්තනයක් වගේ! ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. රසිගෙ හුඟක් කවි මට දැනෙන්නෙ ඉංග්‍රීසි කවි වල පරිවර්තන වාගෙ තමයි. හරිම ආකර්ශනීයයි.

      Delete
  2. මං අදයි මේ කවි කියවන්නේ.......මාව අමුතුම හැගීමකින් වේලිලා ගිය......

    වචන වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්.....අකුරු වලට වඩා......
    //මඳනල පවා නොදැනෙන
    ගල් පිළිම දෙකක් වී
    එකිනෙකා දෙස බලාගෙනම
    අපි සදාකල් පසුවෙමු.//

    ReplyDelete
  3. හිතුවක්කාරිටයි,රස්තියාදුකාරයාටයි ස්තුතියි.
    මොකද අනේ මේ නම්?

    ReplyDelete