පින්වතිය
පව් මේ විසල් ගස් වැනිය
ගස් ගලවා දමන්න.
ස්වාමිනි
ගස් ගැලවුවද
කුඩා පැළ ඇත.
පින්වතිය
කුඩා පැළද ගලවන්න.
ස්වාමිනි
කුඩා බීජ තිබේ.
පින්වතිය
පොළොව පෙරළා දමන්න.
ස්වාමිනි
කපුටු වසුරින් යළි පැල ඇතිවේ.
පින්වතිය
කපුටන් එළවාදමන්න.
ස්වාමිනි
උන් ගස් අතර සැඟවේ.
පින්වතිය
මේ විසල් ගස් ගලවා දමන්න.
ස්වාමිනි
.......!!