සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Saturday, June 30, 2012
.
කඩදාසි
මිනිසෙක්මි මම
ගිණි ගොඩක්
මුර කරණු සිදුවුන.
.
......මිය නොගිය......
මැනවින් අලවා ඇත
හිසකෙය
සුදු කෙස් නොපෙනෙන්න
දක්ෂ ලෙස.
අමතර මාංශය නොපෙනෙයි
අගේ ඇති ඇඳුමකි
ගානට මිම්මට.
වයස අසු නොවෙන සේ
පින්තාරු කර ඇත
මුහුණ කට හා ඇසද.
හදවත ගෙන එන්න ගොසිනි
කෙනෙක්
ජයරත්න මල් ශාලාවට.
Wednesday, June 27, 2012
.
.....නම නොදත් සමනළ.....
විශ්ව කෝෂයක
නම ඇති.
එහෙත් මුදු පහස
මට ඇති.
Sunday, June 24, 2012
.
සුළඟ පොල් අතු මෑත් කර නොදී
ගෙට එනු බැරිය සඳ එලියට.
Saturday, June 23, 2012
.
වැහි දෙකක් අතරතුර
හිරුරැස් නාන
කවුඩන්!
Friday, June 22, 2012
.
ඇවිදින තුවාළයක්.
වැඩට යන
පාර මාරුවෙන
බත් බෙදා මේසයට තියන
'මේ ඇඳුම ලස්සනදැ'යි අසන
කිසිදු කැළලක් නොපෙනෙන
ඉඳහිට රාත්රියක
වේදනාවෙන් ඇදුම්කන!
Thursday, June 21, 2012
.
රොටි හතරක් ඇති හොඳටම
තනි අපි දෙන්නට.
ලුණුමිරිසක් විතරක් මදෑ
සීනි ඩිංගක් වුනත් ඇති මට.
Monday, June 18, 2012
.
ලෝකයම පාට කල හෙයින්
දෙවියන්ට පාට මදිවිය.
එහෙයින්ම එතුමා අවර්ණය.
දැනෙනවා පමණි.
නොපෙනේ!
මම මියගිය අයෙක්මි.
පිට මැද නියපොතු පහරවල් සමග.
ඇහැරගෙන සිටින
කන බොන
රමණයේ යෙදෙන
මරණයෙහිද නුඹවම සොයන
මම මිය ගිය අයෙක්මි
පිට මැද නියපොතු පහරවල් සමග....
.
කියන් පියාපත!
බිම වැටෙන වාරයක් වාරයක් ගානේ
නුඹටත් මට මෙන්ම රිදෙනවද?
Sunday, June 17, 2012
.
පාළු ගොම්මන
ළදැල්ලක් සැලෙන හඬ.
නින්ද ගිය හාන්සි පුටුව
ඉස්තෝප්පුවක කෙලවර.
.
හිමියනි....,
හති හලන සැන්දෑව
තවත් දැඩි වෙන්න පෙර
හෙමි හෙමින් පිය නගා
පෝටිකෝවට එන්න.
අවසාන රැස් දහර
තව වරක් දැකගන්න.
පිළින දී නොමැත හිරු
හෙට උදේ පායන්න!
Saturday, June 16, 2012
.
හැකරල්ලන් පවා
පඩි ගත්තු දවසට
සපත්තු ගන්න යනු ඇත.
.
මලෙක නම්
සුවඳක් තිබිය හැක.
මලෙක සෙවනැල්ලක
කෙසේනම් වෙද සුසුවඳ!
.
කිරිල්ලක්
බලකර ආපසු ඉල්ලයි
ණයට ඉල්ලාගත්
ඇගේ මෘදුම පියාපත!
.
දෙවියන් වහන්ස...!
පාපොච්චාරණය කල යුතුය
කුඩා පව් කීපයක් පිළිබඳ.
පශ්චතාප නොවන හෙයින්
සමාවක් දිය යුතු නැත.
දැනුම් දීමක් පමණි
යළි යළිත් එලෙස විය හැකි බව.
.
සිහින් මීදුමකි
ඔබ
මා වටා දැවටෙන
සිහින් චලනයකටත්
බිඳී යන්නට තනන!
.
.....සමාවෙන්න....
දෙවියනි
කිසිවක් සිද්ධ කල මැනැවි.
සුළි සුළඟක්,ගංවතුරක්
සුනාමියක්,ස්වීප් දිනුමක්
මොනවත්ම බැරිනම්
පිඟානක් බිඳීමක්....
කිසිවක් සිද්ධ කල මැනැවි.
හිස් බව ගිලගන්න පළමු
ජීවිතය!
.
.....ගාඩිනියා......
ඝණඳුරට ඉඩ තියා
අවසාන තරුවද
නිමෙන්නට තතනන.
සුලඟක වෙලී එයි
ගාඩිනියා මල් සුවඳ
එදා වාගේම අද.
ඔබ තවම කැමතිද
ගාඩිනියා සුවඳ හමන
විළවුන් වලට!.
.
විළෙහි හැඩය ගත්
ජලයට
බඳුනෙක හැඩය
සිත සනහාද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)