.
Josephine Wall.__
අඳුරු පැහැ කඳු මත
පහන් දල්වන්න පෙර
කදෝකිමි
වරක් කියවූ ඔබේ කවිපොත
නැවත නැවතත්
හොඳින් කියවමි.
කොමා,ප්‍රශ්ණ ලකුණු,ඉස්පිලි හා ඇලපිලි
ඝන කළුවරකවුව ඉවෙන් මෙන් හඳුනමි.
නම් ගම්ද මුහුණුද පසුකර පැමිණි
කලක සිට දන්නවුන් සේ සලකමි.
කුඩා කුරුමිණි අකුරු අතරේ සිරවී
රහස් බසකින් ලියු කවියක් හසුවේ
මට වසැංගූ දුකම කඳුලක කැළලේ
සොඳුර ඔබ මෙන් මා පවා වල්මත්වේ.
සොඳුර ඔබ කවිපොත
අවසන් වරට කියවමි.