Saturday, September 15, 2012

.
ඒත් අනේ
අදනම් උයන්න කම්මැලියි
අපි බැල්කනියට වෙලා
වැස්ස අහගෙන ඉමු
මියුරු රිද්මය විඳිමු.
උණු තේකක් හදාගෙන
මාරු කර කර බොමු.

වැස්ස නවතිනකොට

පින්සලක් අරගෙන
ආකහේ හැමතැනම
  සුදු පුළුන් ගුලි අඳිමු.
කෑම මේසේ උඩ
එක එක හැඩේට
රස රස කෑම අඳිමු.
අපි තවත් චුට්ටක්
වැස්ස අහගෙන ඉමු.

3 comments:

  1. "වැස්ස අහගෙන සිටීම" අපූරුම අත්දැකීමක් අකුරින්. අගෙයි !

    ReplyDelete
  2. ස්තුතියි ඔබ දෙදෙනාට!

    ReplyDelete